රතුපස්වල නඩු තීන්දුව ප්‍රකාශ වෙයි

ගම්පහ, වැලිවේරිය නගරයේදී පිරිසිඳු පාානීය ජලය ඉල්ලා රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීම සහ තවත් 50කට ආසන්න පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු හමුදා මේජර්වරයෙකු වන අරුණ දේශප්‍රිය ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය අද (17) නියෝග කළා.

මීට වසර 11කට පෙර සිදු කළ මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් පැවති නඩුවේ තීනන්දුව මහාධිකරණ විනිසුරු නිමල් රණවීර , නිශාන්ත හපුආරච්චි ,සහන් මාපා බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ප්‍රකාශයට පත් කෙරුණා.

ගම්පහ, රතුපස්වල ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවෙන් පිටවන අපද්‍රව්‍ය මගින් සිය භූගත පානීය ජලය අපවිත්‍ර වී ඇති බවට චෝදනා කරමින් එම කම්හල ඉවත් කරන ලෙසත් ,පිරිසිදු පානීය ජලය ලබාදෙන ලෙසත් ඉල්ලා එම ප්‍රදේශයේ ජනතාව වැලිවේරිය ප්‍රදේශයේදී 2013 ජූලි 27 සිට දින පහක් පුරා සිදුකළ සාමකාමී විරෝධතාවයට 2013 අගෝස්තු 01 වෙනිදා යුධ හමුදාව විසින් පහර දී වෙඩි තබනු ලැබුවා.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට හමුදා නිලධාරින් සිදු කළ වෙඩි තැබීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී පුද්ගලයින් 50කට වැඩි පිරිසක් තුවාල ලැබූ අතර අනතුරුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් අදාළ චූදිතයන්ට එරෙහිව නීතිපතිවරයා ගම්පහ මහාධිකරණය හමුවේ අධිචෝදනා 94ක් යටතේ නඩු පැවරිමට කටයුතු කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles