රත්නපුර – පානදුර මාර්ගය වසා දැමේ

පවතින දැඩි වර්ෂාපතනයෙන් කළු ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඉංගිරියට නුදුරු නම්බපාන ප්‍රදේශය මේ වන විට දරුණු ගංවතුර අවදානමකට මුහුණ දී තිබෙනවා.

ඒ හේතුවෙන් රත්නපුර-පානදුර මාර්ගය රථවාහන ගමනාගමනය සඳහා වසා දමා ඇති බව වාර්තා වෙනවා. පොදු ප්‍රවාහන සේවා සියල්ල ක්‍රියාත්මක වන්නේ ඉංගිරිය සිට පානදුර දක්වා පමණයි.

ඉංගිරිය අවට පහත් බිම් රැසක්ද මේ වන විට ජලයෙන් යටව ඇති අතර බලධාරීන් සහන සේවා කටයුතු සඳහා මැදිහත් වී සිටිනවා. බෝට්ටු සේවයක්ද ක්‍රියාත්මක කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles