පාතාල ක්‍රියාකාරකම්වල යෙදෙන පිරිස් වලට ඉදිරියේදී තේරෙන භාෂාවෙන් උත්තර දීමට තමා සූදානම් බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.
අම්බලන්ගොඩ සහ ඒ අවට ප්‍රදේශවල පසුගිය දිනවල සිදුවූ පාතාල වෙඩි තැබීම්වලින් අහිංසක පුද්ගලයන් කිහිප දෙනෙකුම මියගොස් ඇතැයි පෙනී යන බව පොලිස්පතිවරයා දැනට කරගෙන යන ආරක්ෂක වැඩපිළිවෙල වෙනස් කිරීමට අවශ්‍ය නම් එය කිරීමටද නොපැකිළෙන බව සඳහන් කර තිබෙනවා.
මේ අතර ගතවූ පැය 24 තුළ දිවයින පුරා යුක්තිය මෙහෙයුම්වලින් අපරාධකරුවන් 1017 ක් අත්අඩංගුවට ගත් බව සඳහන් වෙනවා.
දිවයින පුරා සිදු කළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 924 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 93 ක් සමඟින් මුළු සැකකරුවන් 1017 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 924 දෙනා අතරින් සැකකරුවන් 99 කට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර සැකකරුවන් 04 දෙනෙකුගේ වත්කම් විමර්ශනය ආරම්භ කර ඇති අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් 21 ක් පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබෙනවා.