රාජයෝගය ඵල දරයි ද? ජනපති අපේක්ෂක වෙන්නත් සූදානම්!

හිටපු ක්‍රීඩා අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මාධ්‍ය වෙත අදහස් දැක්වීමේ දී පවසා ඇත්තේ ආරාධනයක් ලැබෙන්නේ නම් ජනාපති අපේක්ෂකත්වය ගැන සලකා බැලීමට තමා සූදානම් බවයි.

ඔහු මේ අදහස් පළ කළේ, ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජාරාමයට පැමිණ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් බැහැ දැකීමෙන් අනතුරුවයි.

තවදුරටත් තමා ස්වාධීනව කටයුතු කරන බවත් මන්ත්‍රීවරයෙකු ලෙස ජනතාව වෙනුවෙන් හොරකමට එරෙහිව වැඩ කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.

කෙසේ වෙතත්, මේ රට විනාශ කරන්නට කටයුතු කළ පොහොට්ටුව සමඟ වැඩ කළ රොෂාන් රණසිංහද ඊට වගකිව යුතු බව සෝභිත හිමියන් ප්‍රකාශ කළා. නමුත් ඉන් මිදිී පැමිණීම ඉතා හොඳ කරුණක් බවයි ඒ්‍ හිමියන් වැඩිදුරටත් පැවසුවේ.

පසුගිය කාලයේ රොෂාන් රණසිංහ මන්‍ත්‍රීවරයාට රාජයෝගයක් ඇති බවට ඔහුට කිසිවෙකු පවසා ඇති බව පාර්ලිමේන්තුවේ කතාබහට ලක් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles