තම පක්ෂයෙන් ජනපතිවරණයට ඉදිරිපත් කිරීම වෙනුවෙන් රුපියල් කෝටි 3ක අල්ලසක් ලබා ගැනීමට උත්සාහ කළ එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් ඇතුළු නිලධාරීන් 8ක් අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (14) අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ එම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඊයේ ම පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කළ ජනක රත්නායකගේ ඉල්ලීමකට අනුවයි. මෙසේ අපේක්ෂත්වය ලබා දීමට එම පක්ෂයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් අල්ලස් ඉල්ලා සිටි බව ජනක රත්නායක අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කර තිබුණා.
වැලිකඩ ප්ලාසා වෙළඳ සංකීර්ණයේ ඉහළ මාලයේ පිහිටි කාර්යාලයක් තුළදී ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් සරත්චන්ද්‍ර වීරවර්ධන ඇතුළු පිරිසට අදාළ මුදල ලබා දෙන විට ක්‍රියාත්මක වූ නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගත් බව සඳහන්.