“මගේ නඩුව නැවත සළකා බලන්න” මෛත්‍රී ඉල්ලයි

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ නඩුවෙි තමන් සම්බන්ධව සඳහන් කර ඇති කරුණු යළි සළකා බලන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සය පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඒ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව මගින් අනාවරණය කර තොරතුරු පදනම් කර ගනිමින්.

මේ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ නඩුවේ තින්දුව සම්බන්ධව ⁣ගොනුකර ඇති මෝසම් සළකා බැලූ අවස්ථාවේදී දැනුම් දී තිබෙනවා.

මෙම නඩුව බුවනෙක අලුවිහරේ, මුර්දු පුනාන්දු, එස්.තුරේරාජා, කුමුදුනි වික්‍රමසිංහ, ඒ.එච්.එම්.ඩී නවාස් සහ කුමුදුනි වික්‍රමසිංහ යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැතීමට නියමිතයි.

එසේම ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා සඳහන් කර ඇත්තේ මෙම සිද්ධිය පිළිබඳ නව කරුණු චැනල් 4 නාලිකාව මගින් අනාවරණය වි ඇති බවත් දැනට ඒ පිළිබඳව පාර්ලිමේන්තු කාරක සහාවක් පත් කර ඇති බවත් එබැවින් මෙම නඩුව යළි විභාගයට ගන්නා ලෙසයි

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනි සිටි නීතිඥ ගාමිණි පෙරේරා කියා තිබෙන්නේ තීන්දුව නිසි අයුරින් ක්‍රියාත්මකව නොමැති බැවින් ඉදිරියේදි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩුවක් ගොනුකරන බවට මෝසමක් මාර්ගයෙන් දැනුම් දෙන බවයි.

ජාතික බුද්ධි අංශයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි චන්දක ජයසුන්දර කියා සිටියේ තම සේවාදායකයා වන්දි කොටසක් ගෙවා ඇති බවත් ඉතිරි මුදල් ගෙවා දැමීමට නොහැකි බවයි.

කෙසේ වූව ද දෙපාර්ශවයේ කරුණු සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය මෙම මෝසම නොවැම්බර් 2 වැනිදා සළකා බලන ලෙස නියෝග කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles