ඇමෙරිකානු තානාපතිනියට සරත්ගෙන් තරවටුවක්!

මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස බලකරමින් එක්සත් ජනපද තානාපතිනී ජුලී චුන්ග් වෙත දැනුම් දෙන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව නිර්දේශ කර තිබෙන බව ඩේලි මිරර් වාර්තා කරනවා.

මෙම නිර්දේශය 2022 මැයි 9 වන දින සිදු වූ සිදුවීම්වලින් පසුව තානාපතිවරයාගේ ප්‍රකාශයන්ට ප්‍රතිචාර වශයෙන් ලබා දුන් එකක් බවයි පැවසෙන්නේ.

ජාතික ආරක්‍ෂාවට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා කමිටු සාමාජිකයන්, ආරක්‍ෂක ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්‌පතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගි වූ කමිටුව සති දෙකකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්‌ වුණා.

පසුගිය අරගල සමයේ අරගලකරුවන් වෙනුවෙන් අදහස් දැක්වූ ඇමෙරිකානු තානාපතිනියගේ ප්‍රකාශ ගැන කාරක සභා සභාපති රියර් අද්මිරාල් සරත් වීරසේකර සිය කනස්සල්ල පළ කර තිබෙනවා.

නිරායුධ විරෝධතාකරුවන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණයක් සිදු කරන ලෙස තානාපතිනිය කියා සිටි බවත් සාමකාමී විරෝධතා දැක්වීමට ජනතාවගේ අයිතිය සුරක්ෂිත කිරීමේ වැදගත්කම අවධාරණය කළ බවත් ඔහු අවධාරණය කරනු ලැබුවා. ඔහු ප්‍රශ්න කළේ ටයර් පුළුස්සා දැමීම, අධිවේගී මාර්ග සහ දුම්රිය මාර්ග අවහිර කිරීම, ඉන්ධන පිරවුම්හල් විනාශ කිරීම, තෙල් බවුසර් ටයර් කැපීම, පොලිසියට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම වැනි ක්‍රියා විරෝධතාවක් ද එසේත් නැතිනම් සාමකාමී ක්‍රියාවක් ද යන්න පිළිබඳව තානාපතිනියට අවබෝධයක් තිබේද යන්නයි.

ඇමරිකාවේ කැපිටල් හිල් ගොඩනැගිල්ල බිඳ අලාභහානි කළ විරෝධතාකරුවන් එක්සත් ජනපද හමුදාව මැඩපැවැත්වූ ආකාරය ද තානාපතිනියගේ රටේ අත්දැකීම් ඉස්මතු කරමින් ඔහු පෙන්වා දී තිබෙනවා. ඇයගේ ප්‍රකාශ හරහා රජයට එරෙහි කඩාකප්පල්කාරී ක්‍රියාවලට සෘජුව සහාය දෙන බවට ඔහු චෝදනා කරනවා.

වියානා ගිවිසුමට අනුව තානාපතිවරයෙකුට වෙනත් රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් විය නොහැකි බව රියර් අද්මිරාල් වීරසේකර පෙන්වා දුන්නා. එවැනි මැදිහත්වීම් ජාතික ආරක්ෂාවට බලපෑම් ඇති කළ හැකි නිසා ඉදිරියේදී මෙවැනි අනවශ්‍ය ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස බල කරමින්, එක්සත් ජනපද තානාපතිනී ජුලී චුන්ග් වෙත දැනුම් දෙන ලෙස ඔහු නිර්දේශ කර තිබෙන බව ඩේලි මිරර් වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් රියර් අද්මිරාල් සරත් වීරසේකර මන්ත්‍රීවරයාට සහ අමාත්‍ය ප්‍රසන්න රණතුංගට ඇමරිකාව වෙත යෑමට වීසා ලබා දීම රාජය තාන්ත්‍රිකව පසුගිය දා ඇමෙරිකාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles