රට රස්සාවකට යද්දී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්යයි

රැකියාවක් සඳහා විදේශගත වීමේදී දී නිත්‍යානුකූලව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් ගත වීම අනිවාර්ය වන අතර ඔබට එමඟින් ප්‍රතිලාභ රැසක් හිමිකර ගැනීමේ හැකියාව පවතිනවා.

ඒ සඳහා අද සහ හෙට රත්නපුර මුද්දූව ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනට සහභාගීවී මේ ගැන වැඩිදුර තොරතුරු ලබාගත හැකි වෙනවා.

විදේශගත වීමකදී රජයේ ලියාපදිංචි කිරීම සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත වන 1985 අංක 21 දරන පනතේ 53/3 වන වගන්තියට අනුවයි.

බලපත්‍ර ලාභී පෞද්ගලික විදේශ රැකියා ආයතනයක් මඟින් විදෙස් ගතවන්නේ නම් එම ආයතනයේ මැදිහත්වීම මත වි‌දෙස්ගත වීම සඳහා අවසන් අනුමැතිය ලබාගත යුතුයි.

එසේ නොමැතිව පෞද්ගලිකව රැකියාවක් සඳහා විදෙස්ගත වන්නේ නම් ඔබ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණ පළමු අනුමැතිය ලබාගත යුතුව තිබෙනවා.

මෙලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළ ලියාපදිංචි වී විදෙස්ගත වීම මඟින් ඔබට වඩාත් සුරක්ෂිත හා ප්‍රතිලාභ සහිත විදේශීය රැකියා අවස්ථාවක් වෙත යොමුවීමේ පහසුකම් රජය විසින් සපයා දී තිබෙනවා.

රජයේ ලියාපදිංචි වී විදෙස්ගත වන ඔබට ලැබෙන ප්‍රතිලාභ අතර රක්ෂණාවරණය ප්‍රමුඛතම ප්‍රතිලාභයක් වන අතර එමඟින් විදෙස්ගත වී සිටීමකදී ඔබේ ජීවිතයට හානියක් සිදුවුව හොත් රුපියල් ලක්ෂ හයක(600000.00) උපරිමයකට යටත්ව වන්දි ලබාදීමට විදෙස් සේවා නියුක්ති කාර්යාංශය බැඳී සිටිනවා.

එමෙන්ම පූර්ණ ආබාධිත තත්ත්වයකදී රුපියල් එක්ලක්ශ විසිපන්දහසේ සිට (125000.00) සිට ලක්ෂ හතර (400000.00) දක්වා වන්දි ලබා ගැනීමේ හැකියාවද පවතනවා.

රෝගී තත්ත්වයක් හෝ කරදර හිරිහැර හා හදිසි අනතුරක් හේතුවෙන් ලංකාවට පැමිණි පසු මෙරටට පැමිණි ගුවන් ටිකට් පත් මුදල් නැවත ප්‍රතිපූරණය කිරීමේ හැකියාවද මෙම රක්ෂණාවරණයට අයත් වෙනවා.

එමෙන්ම එවන් අවස්ථාවකදී ප්‍රතිකාර සඳහා ද රුපියල් පනස් දහසක් (50000.00) ලබාදීමට විදෙස් සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරමින් සිටියි.

රජය ලියාපදිංචි වී විදෙස් ගත වන ශ්‍රමිකයින් ගේ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් ශිෂ්‍යත්ව වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කෙරෙනවා.

එහිදී විදෙස් ගත ශ්‍රමිකයකුගේ දරුවෙකු පහ වසර ශිෂ්‍යත්වය සමත් වුවහොත් රුපියල් විසි දහසක් (20000.00)ද , අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වීමකදී රුපියල් (25000.00)ක් ද, අපොස උසස් පෙළ සමත් වීමකදී රුපියල් තිස්පන්දහසක්( 35000.00) විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් ලබාදීමට කටයුතු කරනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුභසාධක අංශය මඟින් ක්‍රියාත්මක කරන ආර්ථික අපහසුතා මැද අධ්‍යාපන කටයුතු සිදු කරන දූ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ ලබා දීමේ වැඩපිළිවෙළට සම්බන්ධ වීමේ හැකියාවද ලියාපදිංචි වී විදෙස් ගත වන ශ්‍රමිකයින්ට අවස්ථාව උදාකර දී තිබෙනවා.

එමෙන්ම ලියාපදිංචි වීමෙන් පසු විදෙස්ගතවීමකදී ඔබට මූල්‍යමය අපහසුතාව වෙත මුහුණ දීමට සිදුවනවා නම් රාජ්‍ය බැංකු සම්බන්ධීකරණය කරමින් රුපියල් ලක්ෂ පහ දක්වා ණය ඉල්ලුම් කිරීමේ හැකියාවද ඔබට හිමිකර දීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම විදෙස්ගතවීමකදී සිදුවන අනතුරු හේතුවෙන් සිදුවෙන ආබාධිත තත්ත්වයන් රක්ෂණාවරණයට අමතරව නිවසක අවශ්‍යතාවය සහිත අයට නිවසක් ඉදිකරදීම හෝ පවත්නා නිවසේ කොටසක් අලුත්වැඩියා කිරීමට රුපියල් ලක්ෂ දහයක (100000.00) උපරිමයකට යටත්ව සිදු කරනු ලබයි.

නිවසක් අවශ්‍ය නොවන අයගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා ස්වයං රැකියා ආරම්භ කිරීමට රුපියල් ලක්ෂයක (10000.00) ආධාර මුදලක් ලබාදීමද විදේශය වැනි අංශය මඟින් සිදු කරමින් පවතීනවා.

මීට අමතරව ශ්‍රී ලංකාව විදෙස් සේවා නියුක්ති කාර්යයන් ලියාපදිංචි වී නීත්‍යානුකූලව විදෙස් ගත වන අය සඳහා කාලීනව සංවිධානය වෙන විවිධ ව්‍යාපෘති වැඩසටහන් හරහා ප්‍රතිලාභ ලබාදීම අඛණ්ඩව මේවන තෙක් සිදුකරමින් සිටිනවා.

ඔබත් විදෙස් ගතවීමට අපේක්‍ෂාවෙන් සිටින අයෙක් නම් ශ්‍රී ලංකාව විදෙස් සෙවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී නිත්‍යානුකූල ක්‍රමවේදය හරහා විදෙස් ගතවීම ඔබත් ඔබේ පවුලේ අයත් සුරක්ෂිත අනාගතයක් කරා රැගෙන යන ප්‍රධානතම ක්‍රමවේදය බවට පත්ව තිබෙනවා.

මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත් නොවී නිවැරදි මාර්ගයෙන් සුරක්ෂිතව විදෙස්ගත වීම සඳහා ඔබත් විදෙස් සේවා නියුක්ති කාරංශයේ ලියාපදිංචි වීම අනිවාර්ය වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අංක 234 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත කොස්වත්ත බත්තරමුල්ල ලිපිනෙහි ඇති ශ්‍රී ලංකා විදේශ සේවා අනුත්තිකාරාංශයේ ප්‍රධාන කාර්යාලයෙන් ලියාපදිංචි වීමට හැකියාව පවතිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles