ටැටූ දුලාන්ගේ බිරිය බලන්න ඥාතීන් රෝහලට ඇවිත් නැහැ : රෝහලෙන් චෝදනාවක්

හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථාන හිමිකරුගේ බිරිඳගේ ඥාතීන් කිසිවෙක් ඇය බැලීමට රෝහලට නොපැමිණීම හේතුවෙන් ඇය සම්බන්ධ ඇතැම් කටයුතුවලදී තමන් දැඩි අපහසුතාවයට පත් වන බව හෝමාගම මූලික රෝහලේ කාර්ය මණ්ඩලය පවසනවා.

මේ වන විට ඇය පොලිස් ආරක්ෂාව මධ්‍යයේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රකිතාර ලබන අතර ඇයට අවශ්‍ය ආහාරපාන ලබාදීමට මෙන්ම වෛද්‍ය ප්‍රතිකර සම්බන්ධයෙන් ඇතැම් තීරණ ගැනීමේදී ඇයගේ ඥාතීන්ගේ අවසරය ලබාගැනීමට අවශ්‍ය නමුත් ඔවුන්ව සම්බන්ධ කරගැනීමට නොහැකිවීම නිසා එම කටයුතු සිදු කිරීමට අපහසු බවයි රෝහල් කාර්ය මණ්ඩලය පවසා සිටින්නේ.

මේ සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීස් ස්ථානය දැනුවත් කිරීමෙන් පසු පොලීසිය විසින් අදාළ ඥාතීන්ට මේ පිළිබඳව දැනුම් දී ඇතත් කිසිවෙකු ඇය බැලීමට නොපැමිණි බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles