ගාසා තීරයේ, හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින, ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ, පවුල්වල සාමාජිකයන් විසි දෙනකුගෙන් යුත් කණ්ඩායමක්, ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ විශේෂ ආර්ථික කමිටුවක් පැවැත්වෙන අවස්ථාවේ කඩා වැදී තිබෙනවා.
ආර්ථික කමිටුවේ වැඩකටයුතුවලට බාධා කරමින්, කඩා වැදුණු පිරිස කමිටුවට සහභාගී වී සිටි මැති ඇමැතිවරුන්ට විරෝධය පළ කරමින් කෑ ගසා ඇති බවටයි සඳහන් වන්නේ.
ඔක්තෝබර් 7 වැනිදා සිට ගාසා තීරයේ හමාස් ප්‍රාණ ඇපයේ සිටින තම පවුල්වල සාමාජිකයන් මුදා ගැනීමට ඊශ්‍රායල රජය කිසිදු උත්සාහයක් නොදරන බව පෙන්වා දෙමිනි මෙලෙස විරෝධය දක්වා ඇති බවටයි වාර්තා වන්නේ.