ස්මාට්ෆෝන් පාසලෙන් ඉවත් කරන්න : යුනෙස්කෝ

ස්මාර්ට් ජංගම දුරකතන කඩිනමින් පාසල්වලින් ඉවත් කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යා හා සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) නිර්දේශ කරනවා.

තිරය දෙස දිගු වේලාවක් බලා සිටීමෙන් ඔවුන්ගේ චිත්තවේගීය ස්ථාවරභාවය බිඳවැටීම ඇතුළු සංසිද්ධි ගණනාවක් සිදු වන නිසා ස්මාර්ට් ජංගම දුරකතන අධ්‍යාපනය ලැබීම දරුවන්ට අහිතකර බවයි යුනෙස්කෝ සංවිධානය පවසන්නේ.

ඩිජිටල් තාක්ෂණය සහ “කෘත්‍රිම බුද්ධිය” සෑම විට ම මිනිස් මනසේ ක්‍රියාකාරිත්වයට යටත්ව පැවතිය යුතු බවත් “මිනිසා මූලික දර්ශනයක්” සහිත අධ්‍යාපනයක අවශ්‍යතාව මෙම ඩිජිටල් ජංගම දුරකතන ඉවත් කිරීමේ නිර්දේශයෙන් පැහැදිලි වන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

සෑම විට ම අලුත් දේ හොඳම දේ නොවන බවත්, කිසිවක් කිරීමට හැකියාව පැවතීම එය අනිවාර්යයෙන් සිදුකළ යුතු යැයි නියමයක් නොවන බවත් සඳහන් කරමින් එම සංවිධානය ප්‍රතිපත්ති සම්පාදකයන් වැඩිදුර නොසිතා “ඩිජිටල් තාක්ෂණය” අධ්‍යාපනයට යොදාගැනීම පිළිබඳ දැඩි විරෝධය දක්වනවා.

ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදුවන හානි අවම කිරීමට සහ ඉන් වාසි ලබා ගැනීමට පැහැදිලි අරමුණු සහ ප්‍රතිපත්ති මාලාවක් සකස් කරමින් සිසුන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම ආරක්ෂා කර ගැනීමට සියලු රටවල් පෙරට පැමිණිය යුතු බවයි එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යා හා සංස්කෘතික සංවිධානය පෙන්වා දෙන්නේ.

කොවිඩ්–19 සමයේ අධ්‍යාපන කටයුතු ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අඛණ්ඩව සිදුකරගෙන ගිය අතර එය වාසි සහගත වූව ද දරුවා සහ ගුරුවරයා අතර පන්ති කාමරය තුළ මුහුණට මුහුණලා සිදුවන සමීප සම්බන්ධය ඊට වඩා වටිනා බව එම සංවිධානය දැඩිව අවධාරණය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles