X සටහනක් තබමින් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර සඳහන් කර ඇත්තේ කිසියම් සේවකයෙකු ඉල්ලා අස්වන්නේ නම් එය පැකිළීමකින් තොරව පිළිගන්නා ලෙසයි.
එහෙත් ආයතනයට ගෙවිය යුතු සියලුම මුදල් අයකරගන්නා ලෙස ද කළමනාකරීත්වයට උපදෙස් දුන් බව ඔහු වැඩිදුරටත් පවසනවා.
එසේ ම ආයතනයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල කඩිනම් කරන ලෙසද ඔහු උපදෙස් දී තිබෙනවා.
ජනවාරි 08 දා පැවති සංකේත වැඩවර්ජනයේදී ලංවිම සේවාවන්ට බාධා කළැයි කියමින් විනය සහ නෛතික ක්‍රියාමාර්ග සේවකයන්ට එරෙහිව ගැනෙමින් තිබෙන තත්වයකදී අමාත්‍යවරයා මේ උපදෙස් නිකුත් කර තිබෙනවා.
පුවත් වාර්තා සඳහන් කළේ සේවකයන් 5000ක් එකවර ඉල්ලා අස්වීමට සූදානම් බවයි. ඇමැතිවරයා ඕනෑම සේවකයෙකුගේ ඉල්ලා අස්වීමක් බාර ගන්නා ලෙස උපදෙස් දී ඇත්තේ එවැනි පසුබිමකයි.