බුදු දහමට අපහාස වන අයුරින් ප්රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ල වී රටේ මහත් ආන්දෝලනයක් ඇති කළ දේවගැති ජෙරොම් ප්රනාන්දු මෙරටට යළි පැමිණ තිබෙනවා.
සිංගප්පූරුවේ සිටයි ඔහු නැවත මෙරටට අද අලුයම පැමිණ ඇත්තේ.
කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ මුදල් ගෙවා පහසුකම් ලබා ගත හැකි විශේෂ අමුත්තන්ගේ පර්යන්තය ඔස්සේ පැමිණ ඔහු පිටව ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් අධිකරණ නියෝගයට අනුව දිවයිනට පැමිණ පැය 48ක කාලයක් ඇතුළත ඔහු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු වෙනවා.