අලුත් ඇමතිවරුන් හමුවෙන්න දාපු අමුතු නීතිය යලි රිවස් කරයි

අභිනවයෙන් පත් වූ නව අමාත්‍යවරුන් හඳුනාගැනීමේ උත්සවයක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබෙනවා.

ලබන 02 වෙනිදා ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී එම හමුව පැවැත්වී‌මේ කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අදාළ උත්සවය සඳහා සහභාගී වන රාජ්‍ය නිලධාරීන්ට විශේෂයෙන් ඇඳුම් කේතයක්ද ඉදිරිපත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ පිරිමි පුද්ගලයින්ට අත් දිග කමිසය සහ ටයි පටිය නිර්දේශ කර ඇති අතර කාන්තාවන්ට සාරිය හෝ සුදුසු ඇඳුමක් ලෙස දක්වා තිබෙනවා.

එදිනට සහභාගී වීමට නොමැති නම් ඊට අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පුර්ව ලිඛිත අනුමැතිය ලබාගත යුතු බව අදාළ දැනුම් දීමේ ලිපියේ දක්වා ඇත.

පසුව අදාළ ලිපිය නැවත නිවැරදි කරමින් සුදුසු ඇඳුමකින් සැරසී පැමිණෙන ලෙසයි දක්වා ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles