බන්ධනාගාරයේ මාරාන්තික බැක්ටීරියාව සමාජගත වීමේ අවදානමක්?

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර බෝවන Meningococcal රෝගය පැතිර යන බැක්ටීරියාව සමාජය තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව වෛද්‍ය විශේෂඥයෝ අදහස් පළ කරනවා.

එය බෝවන රෝගයක් බැවින් බන්ධනාගාරයට පැමිණි පුද්ගලයින් ආසාදිත රැඳවියන් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූයේ නම් බැක්ටීරියාව බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමේ හැකියාවක් පවතින බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසනවා.

කෙසේ වෙතත්, බැක්ටීරියා සමාජයට ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අංශ අවධාරණය කර තිබෙනවා.

රැඳවියන්ට සහ කාර්ය මණ්ඩලයට ද රෝග නිවාරක ප්‍රතිජීවක ලබා දී තිබෙන බවත් රෝගයේ මූලික මූලාශ්‍රය හඳුනා ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබන බවත් වාර්තා වෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය තොරතුරු අනුව අනුව, Meningococcal යනු Neisseria meningitides නම් බැක්ටීරියාව මගින් බෝවන රෝගයක් වන අතර එය මොළයේ සහ සුෂුම්නාවෙහි ආසාදනයක් වන මෙනින්ජයිටිස් ඇති කළ හැකි අතර එය රුධිර ආසාදනවලටද හේතු විය හැකි බවයි පැවසෙන්නේ.

ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවන් 1,023ක් සිටින අතර තවත් රැඳවියන් දහසය දෙනෙකු එම ආසාදනය සඳහා දැනට ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles