දෙසැම්බර් සිට තෙල් බෙදන්න ෂෙල් එයි

එක්සත් ජනපදය පදනම් කරගත් ඛනිජ තෙල් බෙදාහැරීමේ සමාගමක් වන RM Parks ලබන මාසයේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කරනවා.

එම සමාගම පළමුව ඉන්ධන පිරවුම්හල් 150 ක් පවරාගෙන ඒවා ක්‍රියාත්මක කරන බවත් අවශ්‍ය නම් ඔවුන්ට නව පිරවුම්හල් ගොඩනැගීමටද අවසරය ඇති බවත් පැවසෙනවා.

RM Parks මෙරට ඉන්ධන වෙළඳපොලට පිවිසෙන තෙවැනි ජාත්‍යන්තර තෙල් සමාගම වනවා.

මෙම වසරේ ජුනි මාසයේදී, ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා දිගුකාලීන ගිවිසුමක් සඳහා Shell සමඟ සහයෝගයෙන් රජය සහ RM Parks අතර ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා.

මෙම වසර මුලදී, චීන ඛනිජ තෙල් දැවැන්තයා වන සිනොපෙක් 2023 මැයි මාසයේදී ගිවිසුමක් අත්සන් කරමින් ශ්‍රී ලංකා වෙළඳපොළට ඇතුළු වූ අතර එය දැන් සිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඔවුන්ටද තමාගේම පිරවුම්හල් ඉදිකිරීමේ අවසරය ඇති බව පැවසෙනවා.

තවද, ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ද නුදුරේදීම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි කියැවෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles