සමඟි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ දඹුල්ල මැතිවරණ වේදිකාවට නැග සිටි හිටපු අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න එම වේදිකාවට නැගීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
හිටපු අමාත්‍යවරයා රැස්වීම අවට ඔහුගේ ඡායාරූපයක් සහ සමඟි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් ජනතාව අතර ඔහුගේ නම සහිත හිස් වැසුම් බෙදා දී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඔහු මැතිවරණ වේදිකාවට ගොඩවීම පිළිබඳ උරණ වූ රෝහිනී කවිරත්න මන්ත්‍රීවරිය හිටපු ඇමතිවරයා වේදිකාවෙන් බැස යන තුරු වේදිකාවෙන් පිටත බොහෝ වේලාවක් රැඳී සිට තිබෙනවා.
විපක්ෂ නායකවරයා පැමිණීමටත් පෙර ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස පිටව ගොස් තිබූ අතර ඒ අනුව මන්ත්‍රීවරිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ වේදිකාවට ගොඩ වී ඉදිරිපෙළ අසුනක වාඩි වී සිටි බවයි සඳහන් වන්නේ.
විපක්ෂ නායකවරයා ඉදිරියේ තබාගෙන ඇය දැඩි ප්‍රකාශයක්ද සිදු කර තිබෙනවා.
ඒ සජිත් ප්‍රේමදාස එතනෝල්කාරයන්ට සහ මත්පැන් අලෙවිකරුවන්ට , තැබෑරුම් හිමියන්ට තම වේදිකාවේ ඉඩක් නැති බවට ප්‍රකාශ කර තිබූ බවත් එහෙත් එක් හරක් පැටියෙක් ළඟට ගෙන කිරි කළයට ගොම බින්දුවක් නොදමන්නැයි යනුවෙනි.