බණ්ඩාරගම ප්‍රාදේශීය සභා ලේකම්වරියගේ මාරුවට රෝහිතට චෝදනා!

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය මාරු කිරීමට එරෙහිව ඊයේ (14) එම සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුණා.

පසුගිය කාලයේ ප්‍රාදේශීය සභාවේ දූෂණ වංචා නවත්වා ජනතා මුදල් ආරක්ෂා කිරීමට ලේකම්වරිය කටයුතු කළ බව පවසමින් මෙම විරෝධයට විශාල පිරිසක් එක්ව තිබුණා. මහජන නියෝජිතයන් ගණනාවක් සහ බෞද්ධ හිමිවරුන්ද සහභාගි වුණ මෙම විරෝධය පැයකට ආසන්න කාලයක් පැවති අතර, ‘බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව දූෂිත රෝහිතගේ ග්‍රහණයට‘ ආදී වශයෙන් පුවරු අල්ලාගෙන සිටිනු දක්නට ලැබුණා.

එහිදී අදහස් දැක්වූ පිරිස් චෝදනා කළේ, මේ පිටුපස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සිටින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles