“මට රත්තරං කියන්නෙ මාල කඩලා නෙවෙයි ආදරේට”-රෝහිත සංවේදී වෙයි

තමාට රත්තරං යනුවෙන් කියන්නේ මාල කැඩීම නිසා නොව ගෙදර අය ආදරේට කිව්ව නිසා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.

තමා මාල කැඩූ බවට පොලිස් පොතක පැමිණිල්ලක් ඇත්නම් හෙට පාර්ලිමේන්තුවෙන් අස්වී ගෙදර යන බව පවසන මන්ත්‍රීවරයා දේශපාලනයට පැමිණීමෙන් පසු සමාජ මාධ්‍ය මෙම මාල කැඩීමේ කතාව සමාජගත කළ බව පවසනවා.

තමා මාල කඩනු දැක්ක එකෙක් හෝ පෙන්වන ලෙසද ඔහු අභියෝග කරනු ලැබුවා. මාර්ගගත සුරක්ෂිතභාවය පිළබඳ පණතේ විවාදයට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles