එහෙයියෙක් නොවුණ නිසා අස් කළා : රොෂාන් කියයි

අද දින අමාත්‍ය ධුරවලින් ඉවත් කරනු ලැබූ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ, සිය අමාත්‍යංශයට පැමිණ නිලධාරීන්ට සමුදුන්නා.

එහිදී මාධ්‍යට අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළා.

ආසියාවේ පාරාදීසය වෙලා තිබ්බ රට හොරුන්ගේ පාරාදීසයක් බවට පත් වෙලා. හොරු දිනුම්. ඒකයි යථාර්ථය. දූෂිතයන්ට එරෙහිව ගෙනයන වැඩපිළිවෙල නතර කරන්න එපා මාධ්‍ය.

ඊළඟ ජනාධිපතිවරණයෙන් හරි මේක ඉවර කරනවා. තව ටික දවසයි තියන්නෙ. මේක ස්ථාවර කරන්නයි බාර දුන්නෙ. ඊළඟ ජනාධිපතිවරයාට තමා රට ගොඩනගන්න තියන්නෙ. දේශපාලනික තීන්දුවක් අරගෙන නෑ කිසිම විදිහකින්. ඇමැතිකම් නෙවෙයි මම රොෂාන් රණසිංහ. තනතුරු තියන්න ඕන වැඩ කරන්න. උපරිම වැඩ කරන්න උත්සාහ කළා. හොරකම, දූෂණය, වංචාවට එරෙහිව වැඩ කළාම හම්බෙන දේ තමා මේ. මම එහෙයියෙක් නෙවෙයි. ඒ හින්දා මාව අස් කරලා. මාව ඉවත් කරන්න ජනාධිපතිවරයාට සදාචාරයක් නෑ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles