රෝයල් පාක් ඝාතක රටෙන් පැනලා : කුදලන් එන්න ක්‍රමයක් සොයයි

රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ස්වීඩන් ජාතික ඉවෝන් ජොන්සන් නමැති තරුණිය කෲර ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවකු වී මරණීය දණ්ඩනය නියමවී සිටියදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නිදහස් කෙරුණු ජූඩ් ශ්‍රමන්ත ජයමහ නැමැත්තා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියා පටිපාටිය විමසා නීතිපතිවරයාට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ලිපියක් යොමු කර තිබෙනවා.

නීතිපතිවරයාගෙන් ලැබෙන උපදෙස් අනුව මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.

ජූඞ් ශ්‍රමන්ත ජයමහ නමැත්තා ජනාධිපති සමාව දී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 6 වැනිදා තීරණය කළා.

මෙම තීරණයෙන් අගතියට පත් වූ පෙත්සම්කරුට හා ඝාතනයට ලක් වූ තරුණියගේ මවුපියන්ට රුපියල් ලක්‍ෂ දහය බැගින් ලක්ෂ තිහක වන්දි ගෙවීමටද මෙහිදී නියම කෙරුණා.

මරණ දඬුවමින් නිදහස් කිරීමෙන් පසු විත්තිකාර ජයමහ නැමැත්තා විදේශගත වූ අතර ඔහු තවමත් සිටින්නේ විදේශයක බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles