තමන් සතුව ඇති ගුවන්යානාවල දැනට පවතින බුමුතුරුණු ඉවත් කර පරිසර හිතකාමී බුමුතුරුණු ඇතිරීම මගින් මුදල් ඉතිරි කර ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ ස්විට්සර්ලන්තයේ නිෂ්පාදිත නව බුමුතුරුණු වර්ගය පරිසර හිතකාමී බවත් සැහැල්ලු බවත් නිසා වසරකට රුපියල් මිලියන 21 ක් ඉතිරි කරගත හැකි වන බවයි.
කෙසේ වෙතත් පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා කළ පරිදි ශ්‍රී ලංකන් එයා වාර්ෂික පාඩුව ශ්‍රී ලංකා රුපියල් 171667125000.00 (ඇමරිකන් ඩොලර් මිලියන 525) පමණ වෙනවා.
පසුගිය දා ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවියේ ප්‍රධාන පුවතක් ලෙස පළ කර තිබුණේ මෙරට රාජ්‍ය ගුවන් සේවාව ලබන පාඩුවේ පරිමාණයයි. කාර්ය මණ්ඩලය 6000ක් පමණ සිටින ශ්‍රී ලංකන් එයාර් මෙරට ඉතිහාසයේ දරුණුම මූල්‍ය පාඩුවක් සිදු කළ ආයතනයක් ලෙස එහි දක්වා තිබුණා.