රුහුණු මහ කතරගම දේවාලයේ අස්ථානගත වී ඇති බවට පැමිණිලි ලැබී පොලිස් විමර්ශන ක්‍රියාත්මක වන රන් තලිය සම්බන්ධ සිද්ධියට අදාළව ප්‍රධාන කපුවා සහ දේවාල භාරකරු අත්අඩංගුවට ගැනීමට ගිය කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ඔවුන්ව සොයාගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වෙනවා.
ප්‍රධාන කපුවා වන සොමිපාල රත්නායක සහ භාරකරු සමන් ප්‍රියන්ත යන අය සාමාන්‍යයෙන් පදිංචි නිවෙස්වල ඔවුන් නොසිටි අතර නිවැසියන් පවසා ඇත්තේ කපුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ගොස් ඇති බවයි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට ඉන්දියාවේදී මිය ගිය බව කියන අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් ඔහුගේ වයසට සමාන පවුම් ගණනකින් එනම් පවුම් 38කින් යුක්ත රන් තලියක් සාදා රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල රත්නායකට භාර දී තිබුණා. එය අතුරුදහන්ව ඇති බවට එම දේවාලයේ බස්නායක නිලමේවරයා විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ක්‍රියාත්මක වෙනවා.