මා ගැන පැතිරෙන කටකතා බොරු: සුනිල් හඳුන්නෙත්ති

තමන් අනතුරක් නිසා රෝහල්ගතවී ඇති බවට පැතිර යන ආරංචි අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා. මෙම පුවත සැලසුම්සහගතව යම් කිසි කණ්ඩායමක් විසින් පතුරුවා හරින ලද්දක් බවයි ඔහු පවසන්නේ.

Lankaline අප ඔහුගෙන් මේ පිළිබඳ විමසීමක් කළ අතර ඔහු පැවසුවේ තමා ඉතා සුවයෙන් පසුවන බව සහ මෙය අශික්ෂිත කටකතා පතුරුවා හැරීමක් බවයි.

කෙසේ වෙතත්, සමාජ මාධ්‍යවල ප්‍රචාරය කර හැර තිබුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවස ආසන්නයට වැදුණු අකුණු පහරක බලපෑම හේතුවෙන් ඔහු රෝහල්ගත වී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles