රුසියානු ‌කුලී හමුදා ජාවාරම:අධිකරණ නියෝගය

රුසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකළ විදේශ රැකියා ආයතනයක හිමිකරු හා එහි කළමනාකරු ජූනි 13 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (30) යළි කැඳවූ අවස්ථාවේදීයි.

එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 බැගින් මුදල් අයකර, සංචාරක වීසා මගින් රුසියානු හමුදාවේ සිවිල් සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකරන බවට ලද පැමිණිලි 7ක් අනුව සැකකරුවන් දෙදෙනා පසුගිය මැයි 15 වෙනිදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

කාර්යාංශය වෙත ලද පැමිණිලි වලට අනුව මෙම ආයතනය වංචාකර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටියකට අධික බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles