රුවන්පුර අධිවේගය කෝ: ජෝන්ගෙන් ප්‍රශ්නයක්

රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නතර කිරීම නිසා රත්නපුර ජනතාවගේ බලාපොරොත්තු සුන් වී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ් රත්නපුර දිසා මන්ත්‍රී ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.

රජයට මුදල් නැතැයි කියමින් රුවන්පුර අධිවේගී මාර්ගය නතර කළද එය 2020 වසරේ කැබිනට් තීන්දුවක් ගෙන කිලෝමීටර් 10ක් පමණ ඉදිකිරීම්ද කර ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ සඳහා ඉඩම් අත්පත් කරගෙන,ශක්‍යතා අධ්‍යනයන්ද සිදු කර අවසන් බවයි සෙනවිරත්න මන්ත්‍රීවරයා කියා සිටියේ.

කෙසේ වෙතත්, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන ඊට පිළිතුරු දෙමින් ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කරන තුරු අධිවේගී මාර්ග ව්‍යාපෘති ඇරැඹිය නොහැකි බව කියා සිටියා. රුවන්පුර අධිවේගී මාර්ගය විදේශ ආයෝජන හරහා කෙරෙන ව්‍යාපෘතියක් වශයෙන් ඇතුළත් කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇතැයි ඇමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.

1 COMMENT

  1. 60 පැනපු මෙයා ආයෙත් පාර පෙන්නලා කොමිස් ගහලා රත්නපුරෙන් ඡන්දෙ ගන්න හදන්නෙ. රත්නපුරේ මිනිස්සුන්ට ඕනි කැළණිවැලි දුම්රිය මාර්ගය. ඔහේ ඒක තේරුම්ගත්තොත් හොඳයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles