පූස් ප්‍රශ්නයකට එස්.අයි. මස්සිනා විනිසුරුට තඩි බාලා: කම්පනයෙන් සොයුරිය මරුට

අවුරුදු දා සිය සුරතල් බළලා රැගෙන මස්සිනාගේ (බිරිඳගේ සොයුරාගේ) නිවසට නෑගම් ගිය දිසා විනිසුරුවරයෙකුට උප පොලිස් පරීක්ෂකවරයෙකු බව කියන එම මස්සිනා පහර දී තිබෙනවා.

මස්සිනාගේ නිවසට අවුරුදු නෑගම් ගොස් නැවත ඒමට සූදානම් වූ විට විනිසුරුවරයා රැගෙන ගිය සුරතල් බළලා අතුරුදහන්ව තිබෙනවා. මේ ගැන ඇති වූ බහින්බස්වීමක් නිසාවෙන් උප පොලිස් පරීක්ෂකවරයා සිය සොයුරියගේ සැමියා වන විනිසුරුවරයාට පහරදී තිබෙනවා. එවෙලේම විනිසුරුවරයා මේ බව පොලිසියට දුරකතනයෙන් දන්වා ඇති අතර අක්මීමන පොලිසිය පැමිණ සිද්ධියට අදාළව විනිසුරුවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගෙන තිබෙනවා.

මේ අතරවාරයේ විනිසුරු බිරිඳ ( පොලිස් පරීක්ෂකවරයාගේ සොයුරිය) කම්පන තත්වයට පත්ව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය එහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

උපපොලිස් පරීක්ෂකවරයා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර අතුරුදහන් වූ බව කියන ගැටුමට හේතු වූ බළලා පසුව විනිසුරුවරයාගේ මෝටර් රථයේ සිටියදී සොයාගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles