ශ්‍රී.ල.නි.ප – පොහොට්ටු තිදෙනෙක් සජිත්ගේ සහයට එයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු කිහිපදෙනෙකු සමගි ජන බලවේගය හා එක් වී තිබෙනවා.

එම පිරිස අතර වයඹ පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක සිටින අතර ඔහු වයඹ පළාත් මහඇමතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත් කරනු ලැබූ අයෙක්.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක සමන්ත ප්‍රදීප් කුමාර ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සමගි ජන බලවේගය හා එක් වී ඇතැයි සඳහන්.

සමගි ජන බලවේගයට එක්වෙමින් අනතුරුව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ධූරයට ඔහුව පත් කිරීමට විපක්ෂ නායකවරයා කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොතුවිල් ආසනයේ කැඳවුම්කරු, පොතුවිල් ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අබ්දුල් මජීඩ් ද සමගි ජන බලවේගය හා එක් වුණා.

ඔහු සමඟි ජන බලවේගයට එක්වෙමින් අනතුරුව එම පක්ෂයේ පොතුවිල් ආසනයේ සම සංවිධායක ධුරයට පත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles