ලෝ ප්රකට ඉන්දීය ක්රිකට් ක්රීඩක සචින් තෙන්ඩුල්කාර් ලබන අඟහරුවාදා දින මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඔහු යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියානු සුහදත්ව තානාපති ධුරයක් දරනවා. කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවැත්වෙන කොවිඩ් 19 වසංගතයේ බලපෑම සහ කලාපයේ දරුවන්ගේ ජීවිතවල තත්වය පිළිබඳ වැඩසටහනකට සහභාගි වීමටයි ඔහු මෙරටට පැමිණෙන්නේ.
යුනිසෙෆ්හි ඔහුගේ කාර්යභාරය අනුව සචින් දකුණු ආසියානු කලාපය පුරා ළමා අයිතිවාසිකම්, ආරක්ෂාව සහ සංවර්ධනය ප්රවර්ධනය කිරීමට කැපවී සිටිනවා.