ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස වත්මන් ජනපතිවරයාට ඉදිරි ජනපතිවරණයකදී සහය පළ කිරීමට තීරණය නොකළහොත් එම පක්ෂයේ මන්ත්රීවරු පුද්ගලික මට්ටමෙන් සහය පළ කිරීමට සූදානම්ව සිටින බව ඇමැති ප්රසන්න රණතුංග පවසනවා.
ජනපතිවරණය වෙනුවෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව පවසන්නේ පක්ෂ මහලේකම් සාගර කාරියවසම් ඇතුළු කිහිපදෙනෙක් පමණක් බවයි ඔහු කියා සිටින්නේ.
එම පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් බහුතරයක්ද රනිල් වික්රමසිංහ ජනපතිවරයාට වෙත අපේක්ෂකත්වය දිය යුතු බව පෙන්වා දෙන බවයි ඇමැතිවරයා කියා සිටින්නේ.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සංවාදයකට එක්වෙමින් ඇමැතිවරයා උක්ත අදහස් පළ කරනු ලැබුවා.