සහරාන්ගේ දුරකතනය ඇමරිකා බුද්ධි අංශ ගෙන ගිහින්

පාස්කු ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් නායකත්වය දුන් සහරාන් හසීම්ගේ ජංගම දුරකතනය ඇමරිකා බුද්ධි අංශ ගෙන ගිය බව හිටපු ජනාධිපති පා.ම. මෛත්‍රීපාල සිරිසේන කියා තිබෙනවා.

පාස්කු ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් තිබිය හැකි බව පවසන ඔහු ඇමරිකාව, සිංගප්පූරුව සහ ඊශ්‍රායලය ආදී රටවල් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට පැමිණි බවත් සමහරුන් පරීක්ෂණ වාර්තා ලබා දුන්නද සමහරු පරීක්ෂණ වාර්තා ලබා දී නොගිය බව හිටපු ජනාධිපතිවරයා පවසනවා.

සමහර පරීක්ෂණ වාර්තා මෙන් ම සහරාන් පාවිච්චි කළ බව කියන ජංගම දුරකතනය වැනි දා ලබා දුන්නේ තමාගෙන් විමසා නොවන බව ඔහු වැඩි දුරටත් කියා සිටිනවා.

ඔහු මේ බව කියා ඇත්තේ දිනපතා ජාතික පුවත්පතක් සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවකදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles