ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා බලයට පත් කිරීමට මහත් සේවයක් කළ වියත් මඟ සංවිධානයට නායකත්වය දුන් ආචාර්ය නාලක ගොඩහේවා සමගි ජනබලවේගය මන්ත්රී එස්.එම්. මරික්කාර් සමඟ පුවත්පත් සාකච්ඡාවකට සහභාගි වුණා. එහිදී ඔහු වර්තමාන රනිල් වික්රමසිංහ-පොහොට්ටු රජය දැඩි විවේචනයකට බඳුන් කළා.
එක් රැයින් කෘෂිකර්මාන්තය කාබනික කිරීම වැනි විවිධ තීන්දු තීරණ ගැනීමට බල කළ වියත් මඟ සංවිධානයට නායකත්වය දුන් ගොඩහේවා වැනි අය රට මේ තත්වයට ඇද දැමීම සම්බන්ධයෙන් වග කිව යුතු බව බොහෝ පාර්ශ්ව චෝදනා කරද්දී, මෙලෙස සමගි ජනබලවේගය ඔවුන් එක් කර ගැනීම විහිළුවට කරුණක් බව දේශපාලන විචාරකයන් මත පළ කරනවා.