සමගි ජන බලවේගයේ දේශපාලන මණ්ඩලය අවුල් ජාලාවක් බවට පත්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ඒ සමගි ජන බලවේගයට මේ දිනවල එකතුවන පුද්ගලයන් පිලිබදව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධයක් දැක්වීම නිසා බව සඳහන් වෙනවා.
ඇතැම් මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වය දැඩි ලෙස විවේචනයට ලක්කිරීම නිසා මෙම තත්වය උත්සන්න වී ඇති බවටයි වාර්තා වෙන්නේ.
ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් පැමිණෙන වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් නිසා සජබ මන්ත්‍රීවරුන්ට සිය දිස්ත්‍රික්කවල දේශපාලන කටයුතු සිදුකිරීමට නොහැකි තත්වයක් උදා වී ඇති නිසා ඇතැම් මන්ත්‍රීවරුන් පක්ෂය හැරයාමට පවා තීන්දු කරමින් සිටින බවද වාර්තා වෙනවා.
වහාම කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී ඒ ගැන සාකච්ඡා කරන්නැයිද මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ මහලේකම් වෙත කරුණු ඉදිරිපත් කර ඇති බවද ආරංචිමාර්ග පවසනවා.