වෙනසක් කරන වසරක් මැයෙන් කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසලින් ආරම්භ වී ගමන් කරන ලද සමගි ජන බලවේගයේ විරෝධතා පෙළපාලියට මේ වන විට පොලිස් ප්‍රහාර එල්ල කෙරෙන බව වාර්තා වෙනවා.
එක දිගට ජලප්රහාර සහ කඳුළු ගෑස් එල්ල කරන අතර විරෝධතාකරුවන්ද බලවත් විරෝධයක් දක්වන බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් පෙළපාලියේ ගමන මේ වන විට අඩාල වී තිබෙන බවයි වාර්තාකරුවන් පවසන්නේ.