“වෙනසක් කරන වසරක්” මැයෙන් සමගි ජනබලවේගය කොළඹදී පවත්වන විරෝධතාවය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
එය විහාරමහා දේවි උද්‍යානය අසලින් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
සමගි ජන බලවේගයේ පාක්ෂික පිරිස් බොහොමයක් මේ සඳහා සහභාගි වී ඇති බවයි සඳහන් වන්නේ.
මේ සම්බන්ධයෙන් පොලිසිය මැදිහත්වී අධිකරණ ක්‍රියාමාර්ග කිහිපයක්ද ගෙන තිබුණා.
එම විරෝධතා පෙළපාලිය ගමන් ගන්නා මග දිගට පොලිස් කැරලි මර්දන රථ, ජල ප්‍රහාරක රථ යොදවා ඇති බවට තවදුරටත් වාර්තා වෙනවා.