ඩලස් සජිත්ට එක් වෙයි ද?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අතර විශේෂ සකච්ඡාවක් සිදුව තිබෙනවා.

ඒ සමගි ජන බලවේගය විසින් ආරම්භ කරන ලද නව දේශපාලන සන්ධානයට, නිදහස ජනතා සභා කණ්ඩායම එක්කර ගැනීම සඳහා බවත් දෙපාර්ශ්වයම අතර ඒ සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දක්වන බවත් ආරංචි පළ වෙනවා.

ඒ අනුව ඉදිරියේදී සමගි ජන බලවේගයේ මූලිකත්වයෙන් ආරම්භ කරන පුළුල් සන්ධානයේ කොටස්කරුවකු ලෙස නිදහස ජනතා සභා කණ්ඩායම එක්වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග දැඩි විශ්වාසයෙන් පවසනවා.

එසේම මේ වන විටත් සමගි ජන බලවේගය සන්ධානය තුළ රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, මනෝ ගනේෂන් සහ දිගම්බරම් යන කණ්ඩායම් නිත්‍ය සාමාජිකයන් ලෙස කටයුතු කරන බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles