සමඟි ජන බලවේගයට පසුගිය මහ මැතිවරණයේදී චන්ද ලක්ෂ 28 ක් ලැබෙන විට එම පක්ෂයේ සිටි මන්ත්‍රීවරු 14 ක් මේ වන විටත් ඉවත්ව තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසනවා.
දැනට එම පක්ෂය සමඟ සිටිනා තවත් මන්ත්‍රීවරු හතරක් හෝ පහක් ඉදිරියේදී ඉන් ඉවත්වීමට නියමිත බවයි ඔහු සඳහන් කරන්නේ.
හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ සහාය ලබා ගන්නා සමගි ජනබලවේගය, ඇගේ පියා ඝාතනය කිරීමේ චෝදනාව ලැබූ පාර්ශවයකට අයත් මාධ්‍ය නාලිකාවක සහාය ලබාගනිමින් සිටිනා බවත්, සජිත් ප්‍රේමදාස කරන්නේ ජඩ දේශපාලනයක් බව එයින් තහවුරු වන බවත් මනුෂ නානායකකාර වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
රට කරවූ මහ උන්දලා කළ පවු වසර දෙකකදී සමා කිරීමට වත්මන් ආණ්ඩුවට එකතු වී දේශපාලනය කළ මන්ත්‍රීවරුන්ට හැකි වූ බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ලකුණ ගෑස් සිලින්ඩරය කී සැණින් ගමේ එක්සත් ජාතික පාක්ෂිකයා ඔහු වටා එක් වූ බවත් ජනාධිපති කම්කරු හා විදේශ රැකියා උපදේශක මනූෂ නානායක්කාර ඊයේ (18) බේරුවලදී පැවති තරුණ සමුළුවට සහභාගි වෙමින් ඔහු කියා සිටියා.