සජිත් 13 පෙන්නා උතුර රවටන්න හදනවා : සුගීෂ්වර බණ්ඩාර

දමිළ ජනතාව‌ගේ ඡන්ද ලබාගැනීමේ වුවමනාවට රට උකස් නොතියන්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බව නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර පවසනවා.

තම ආණ්ඩුවක් යටතේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන බවට ඊයේ (09) පැවති ජන හමුවකදී විපක්ෂ නායකවරයා සිදු කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක කිරීම ගැන විපක්ෂ නායකවරයාට මතක් වී ඇත්තේ එකවරම නින්දෙන් ඇහැරිලා වගේ යැයි අද (10) හෝකන්දර ප්‍රෙද්ශයේ පැවති හමුවකට එක්වෙමින් සුගීශ්වර බණ්ඩාර සඳහන් කළා.

“ඡන්ද ළං වෙනකොට විපක්ෂක නායකවරයාට 13 වෙනි සංශෝධනය බලාත්මක කරන්න මතක් වෙලා. කවුරු කොහොම කිව්වත් අපි විපක්ෂ නායකවරයාට කියන්න කැමතියි දමිළ ජනතාවගේ මනාප ලබාගන්න තියෙන උවමනාවට රට උකස් තියන්න එපා කියලා. මොකද විපක්ෂ නායකවරයා මේ ප්‍රකාශය සිදුකරලා තියෙන්නේ කිලිනොච්චියේ පැවති උත්සවයකදීයි. ඒකෙන්ම අපිට පැහැදිලි ඡන්ද බලාගෙන දෙමළ ජනතාව අන්දන්න හදන වැඩක් තමයි කරගෙන යන්නේ කියලා. මෙච්චර දවස් නිශ්ශබ්දව ඉඳලා ඉන්දියානු බලහත්කාරකම් බලෙන් අපේ ජනතාවගේ පිට පටවන්න ලෑස්ති උනොත් විපක්ෂනායකවරයා විතරක් නෙවෙයි ඕනෑම කෙනෙකුට දකුණේ ජනතාවගේ ප්‍රතිචාරය බලාගන්න පුළුවන්.” යැයිද නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles