ආන්දෝලනයකට ලක්ව තිබෙන මිහින්තලේ විහාරස්ථානයේ විදුලිය විසන්ධි කිරීමට අදාළ විදුලි බිල සම්බන්ධයෙන් අදහස් දක්වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම විදුලි බිල ගෙවා දැමීමට කටයුතු කරන බව පවසා තිබෙනවා.
සමගි ජන බලවේගය සහ සමගි බෞද්ධ උපදේශන කමිටුව එක්ව විහාරාධිපති හිමියන්ගේ උපදෙස් මත මේ මුදල ගෙවා දැමීමට කටයුතු කරන බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.
බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩක් වැනි මිහින්තලා පුදබිමට රජය සිදු කළ මෙම ක්‍රියාව තරයේ හෙළා දකින බවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රමුඛස්ථානය ලබා දී තිබෙන බුදුදහමට මෙසේ කිරීම මගින් ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝනය කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.