තමන් සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජනබලවේගය අතැර පැමිණියේ ඔවුන් සමඟ කිසිදු ප්‍රශ්නයක් නිසා නොවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.
තමා එම තීන්දුව ගත් විට තමා අත්හැර නොයන ලෙස ආයාචනා කරන බව විපක්ෂ නායකවරයා පවසා සිටි බවත් එසේ කීමෙන් තමාගේ පපුව තද වූ බවත් රාජිත මන්ත්‍රීවරයා කියා සිටියා. තමාට සහ තම පුතු චතුර වෙනුවෙන් ඉල්ලන ඕනෑම දෙයක් දීමට ලෑස්ති බව ඔහු වැඩිදුරටත් පැවසූ බව මන්ත්‍රීවරයා හෙළි කළා.
පෞද්ගලික වරදාන වරප්‍රසාද වෙනුවෙන් නොව මව්බිම වෙනුවෙන් තම තීරණය ගත් බවයි ඔහු කියා සිටියේ.