තරිඳු උඩුවරගෙදර බලන්න සජිත් එයි

ප්‍රජාත්‍රන්ත්‍රවාදී රටත් ලෙස මාධ්‍ය නිදහස ගරු කරමින් වහාම මාධ්‍යවේදි තරිඳු උඩුවරගෙදර ආණ්ඩුව විසින් නිදහස් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එසේම වාර්තාකරණයේ යෙදී සිටි දී අත්අඩංගුවට ගැනීම තරයේ ප්‍රතික්ෂේප කරන බවයි ඔහු පවසන්නේ.

මේ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ ඊයේ (28) රාත්‍රී බොරැල්ල පොලීසියට ගොස්, අත්අඩංගුවේ පසුවන මාධ්‍යවේදි තරිඳු උඩුවරගෙදර ගේ සුවදුක් විමසීමෙන් අනතුරුවයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට එරෙහිව සංවිධාන කළ විරෝධතා පා ගමනක් වාර්තා කරමින් සිටිය දී අත්අඩංගුවට පත් නිදහස් මාධ්‍යවේදීයෙකු සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන තරිඳු උඩුවරගෙදර සම්බන්ධයෙනුයි විපක්ෂ නායකවරයා මෙසේ ප්‍රකාශයක් කරනු ලැබුවේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles