පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ දිනවීම සඳහා තම කණ්ඩායමේ සිට රනිල් වික්‍රමසිංහ දේශපාලන කුමන්ත්‍රණයක් සිදු කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
තමන් විසින් ආරම්භ කළ නිවාස ව්‍යාපෘති සියල්ලම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමෙන් අනතුරුව නවතා දැමූ බවත් ඔහු කියා සිටියා.
වවුනියාවේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
“එදා ජනාධිපතිවරණයේ ගෝඨාභය රාජපක්ෂට බලය ලබාදෙන්නට සිදු කළ දේශපාලන කුමන්ත්‍රණයේ මහ මොළකරු තමයි රනිල් වික්‍රමසිංහ. ඔහු තමයි ගෝඨාභයව ජයග්‍රහණය කරා රැගෙන ගියේ.
අපි උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටේම දැවැන්ත නිවාස ව්‍යාපෘති ආරම්භ කළා. නමුත් මගේ පරාජයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව මුළු රටේම ව්‍යාපෘති නවතා දැමුවා.” යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.