ග්‍රාමීය ජනතාවගේ ආර්ථික තත්වය ගැන විපක්ෂ නායකවරයා අද (01) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. ගැමි ජනයාගෙන් 82%ක ප්‍රමාණයක් ආර්ථික අවදානම් තත්වයක පසුවෙන බවයි ඔහු පවසන්නේ.
නීතිවිරෝධී ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන 11000ක් රටේ ඇති බවත් ඒවායෙන් දෙන ණය “ඇඳ ණය“ ලෙස හඳුන්වන බවත් පවසන විපක්ෂ නායකවරයා ඒවා ඇඳ ණය ලෙස හඳුන්වන්නේ ගෙවාගැනීමට නොහැකි වූ විට ලිංගික අල්ලස් ලබා දීමට සිදුවන නිසා බවත් පවසනවා.