ගංජා ප්‍රවර්ධනයට එරෙහිව සජිත් සටනට

දැනට භයානක මත්ද්‍රව්‍යයක් ලෙස වර්ගීකරණය කර ඇති ගංජා භාවිතය ප්‍රවර්ධනය කිරීමට රජය අවසර දෙන්නේ දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා.

භයානක මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගෙන් බහුතරයක් ප්‍රධාන වශයෙන් ගංජා භාවිතා කරන බව පර්යේෂණ වාර්තා සඳහන් කරද්දී විනෝදාත්මක භාවිතය සඳහා ගංජා පරිභෝජනය සහ ප්‍රවාහනය සඳහා අවශ්‍ය නීත්‍යානුකූල අවසරය ලබාදීමට රජය කැමති දැයි විපක්ෂ නායකවරයා විමසා සිටියා.

ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂ නායකවරයා මේ ප්‍රශ්න මතු කළා . ලෝකයේ බොහෝ රටවල භයානක මත්ද්‍රව්‍ය ලැයිස්තුවට ඇතුළත්ව ඇති ගංජා තවදුරටත් ප්‍රචලිත කළහොත් වැඩි පිරිසක් භයානක මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි නොවන බවට රජයට සහතික විය හැකි දැ යි විපක්ෂ නායකවරයා තවදුරටත් විමසා සිටිනවා.

මේ තත්ත්වය වැළැක්වීමට රජයට නිශ්චිත වැඩපිළිවෙළක් තිබෙනවාද? විනෝදාත්මක අරමුණු සඳහා ගංජා පරිභෝජනය සහ ප්‍රවාහනය සඳහා අවශ්‍ය නීතිමය අවසරය ලබා දීමට රජය කැමතිද? ගංජා ව්‍යාපාරය ප්‍රවර්ධනය කරමින් මේ බංකොලොත් රට ගොඩගන්න ආණ්ඩුව උත්සාහ කරනවාද? යන ප්‍රශ්න විපක්ෂ නායකවරයා විසින් පාර්ලිමේන්තුවේදී විමසනු ලැබුවා.

දුම්කොළ, දුම්වැටි, මධ්‍යසාර අලෙවි කිරීමේ වැඩපිළිවෙළ රජය වහාම නතර කළ යුතු බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ. මන්ත්‍රීවරුන් හරහා විවිධ පුද්ගලයන්ට බියර් බලපත්‍ර බෙදා හැරීම නතර කරන ලෙසත් ඔහු රජයෙන් ඉල්ලා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles