ත්‍රස්ත විරෝධී පනත එපා කියූ මහින්දට සජිත් කියපු කතාව

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (18) පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට එම කෙටුම්පත ඇතුලත් කර තිබුණේ පසුගිය 3 වනදා වන අතර කථානායකවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේ එම කෙටුම්පත ඉදිරිපත් නොකරන ලෙස සිදු කළ දැනුම් දීම අනුව එය ඉවත් කළ බවයි.

පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (18) පාර්ලිමෙන්තුවේදී පැවසුවේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් අද පස්වරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කැඳවා ඇති සාකච්ඡාව සමඟි ජන බලවේගය වර්ජනය කරන බවයි.

ඊට ප්‍රතිචාර වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවේ එම සාකච්ඡාව සඳහා සහභාගී වන්නැයි විපක්ෂයට යළිත් ආරාධනා කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles