ප්‍රකට ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ සක්විති රණසිංහට එරෙහිව පැවති නඩුවේ දී ඔහු සහ ඔහුගේ බිරිඳ වරද පිළිගෙන තිබෙනවා. ඒ අනුව ඔහු විසින් වරදකරු වූයේ බලපත්‍ර රහිතව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් ලක්ෂ 1700කට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධ නඩුවකටයි.
ගෙවීමට ඇති මෙම මුදල තමන් ගෙවන බවයි සක්විති රණසිංහ උසාවිය ඉදිරියේ පැවසුවේ. රුපියල් ලක්ෂ 50 බැගින් වන වාරික විස්සකින් එම මුදල ගෙවන බව ඔවුන් එකඟ වී තිබෙනවා. පළමු වාරිකය වන රුපියල් ලක්ෂ 50 අද දින කොළඹ මහාධිකරණයේදී ගෙවනු ඇති බවට වාර්තා වුණා.