වෙනත් උත්සව සමයන්හි මෙන් නොව මෙවර ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හල් වෙත ජනතාව පැමිණීම ඉතා අඩු වී ඇති බව වාර්තා වෙනවා. රාත්‍රී 9-10 වන විට ඒවා වසා දැමීමට සිදුවන තත්වයක් පැන නැගී ඇති බවයි ඉන්ධනහල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු පවසන්නේ.
වෙනත් උත්සව කාලවලදී ඉන්ධනහල් අලුයම 1-2 දක්වා විවෘතව තැබෙන නමුත් මෙවර ජනතාව පැමිණීම ඉතා අඩු බවයි සඳහන් වන්නේ.
අලෙවිය අඩු වීමත්, විදුලි බිල වැඩි වීමත්, ආර්ථික අර්බුදය හේතවෙන් සේවක වැටුප්, අතිකාල ගෙවීම අපහසු නිසාත් ඉන්ධන පිරවුම්හල් වේලාසන වසා දමන බවයි සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.