අරහත් සිරි සමන්තභද්‍ර හිමි, මහනායක හිමිගේ දෙපා නමැද සමාව අයැදී

අරහත් සිරි සමන්තභද්‍ර හිමි හෙවත් පිටිදූවේ සිරිදම්ම හිමිට මල්වතු පාර්ශ්වයෙන් දැඩි ලෙස අවවාද කර ඇතැයිද ඒ හිමි සමාව ඉල්ලා ඇතැයිද වාර්තා වෙනවා.

පිටිදූවේ සිරිධම්ම හිමි (සිරි සමන්තභද්‍ර) ත්‍රිපිටක ධර්මයත්, බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් කරන අනර්ථ දේශනයන් සිදු කිරීමෙන් වළකින ලෙස මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව දැඩි ලෙස අවවාද කළ බව එම පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් ඊයේ (01) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අවධාරණය කරනු ලැබුවා.

ඊයේ එම හිමියන් කැඳවා දැඩි ලෙස අවවාද කළ බවයි එම සාකච්ඡාවේදී ලේඛකාධිකාරී හිමියන් කියා සිටියේ.

එහිදී පිටිදූවේ සිරිධම්ම හිමි මල්වතු මහනායක හිමි ඇතුළු නායක කාරක සංඝ සභාව ඉදිරියේ ප්‍රකාශයක් කරමින් පසුගිය කාලයේ සිදු කළ දේශනා චේතාන්විතව සිදුකළ ඒවා නොවන බවත් ඒ හේතුවෙන් සමස්ත බෞද්ධ ජනතාවට සිදු වූ චිත්ත පීඩාවන් වෙනුවෙන් මල්වතු මහනායක හිමිපාණන් ප්‍රමුඛ කාරක සංඝ සභාවේ පාද නමස්කාර කොට සමාව ගන්නා බවත් මහා විහාර සම්ප්‍රදායන්ට පරිබාහිරව කිසිදු ධර්ම විග්‍රහයක් මින් ඉදිරියට සිදුනොකරන බවට ද ප්‍රතිඥා දුන් බව මහා ලේඛාධිකාරි හිමියන් තවදුරටත් පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles