“නිල් කටරොළු මලෙන් උපන් මුනින්ද්‍රයාණෙනි” කියලා කිව්ව කුමාර “සුරිඳුනි කඳ සුරිඳුනි.. බැල්ම හෙලනු සුරිඳුනී..” කියලා උමන්දාව වෙනුවෙන් තවත් ගීතයක් කියනවා.
මොකක්ද මේ කියලා හොයා ගෙන යද්දී ‘උමන්දාවේ රන් වෙලායුධ මණ්ඩපය විවෘත කරන අසිරිමත් මංගල්‍යය’ කියලා එකක් පහුගිය දාක බොහොම උත්සවාකාරයෙන් තිබිලා තියෙනවා කියලත් ආරංචි වෙනවා. අපිට හිතුණා මේ ගැන තව ටිකක් හොයලා බලන්න.
අපි දැක්කා උමන්දාවේ සිරි සමන්තභද්‍ර හාමුදුරුවෝ මේ අමුතු වේලායුධ මණ්ඩපය ගැන එදා ඒ උත්සව සභාවට මෙන්න මෙහෙම කියනවා.
“අපි මේ දේවාලෙට මුල්ගල තිබ්බේ ගිය අවුරුද්දේ පෙබරවාරි 24 වෙනිදා. අද පෙබරවාරි 23. දවස් 364 නෙවෙයි 363 යි. 363 න් මේක අඩි අසූවක් උසට හදලා විවෘත කළා. එතකොට මං කියන්නේ මේ ඕනම දෙයක් කරන්න පුළුවන් අපිට. හිත පිරිසිදු නම් ඕනම දෙයක් හරි යනවා. අපිට වරදින්න බෑ. සමාජය බනීවි, දොස් කියාවි.විවේචන ඒ ඕන එකකට මං උත්තර දෙන්නම්. මට පණ තියෙනවා හොඳට. ඕන කෙනෙකුට තර්ක ගේන්න එන්න පුළුවන්. හැබැයි පැනල දුවන්න බෑ කියලා. මූණට එන්න ඕනේ එහෙම නැතුව වැඩක් නෑනේ.
මේක හදලා අපි දේව පූජාවකුත් තිබ්බා. තිබ්බ පූජාව තමයි අර තියෙන්නේ. අපි පොල් නිෂ්පාදන පනහක් කළා. මොකද ලංකාවේ පොල් වලින් නිෂ්පාදන නැහැ. පොල් කිරි ගගා තෙල් මිරිකා මිරිකා හිටියට වැඩක් නෑ. අපි අලුතින්ම විනාකිරිවල ඉඳලා වර්ග සිය ගාණක් මේකෙ හැදුවා.
ඊට අමතරව චොක්ලට් නව නිෂ්පාදන සීයක් විතර එකතු කරලා ඒව තමයි අපි කරපු පළවෙනි දේව පූජාව.
මට මතකයි අපි පුංචි කාලේ කතරගම යනකොට ගෙනිච්චෙ පොල් පැලයක්. අපි කුණු පළතුරු වට්ටි අරන් ගියේ නෑ ඇපල් ගෙඩි,දොඩං කෑලි එහෙම. පොල් පැලයක් ගෙනිහිල්ලා පූජා කළා. අපි ප්‍රාණෙට ප්‍රාණයක් බාර වුණාම අරන් යන්නේ සතෙක් නෙවෙයි පොල් ගහක්. මොකද අපේ ආයුෂයි පොල් ගහේ ආයුෂයි එකයි. මේක මාර සංකල්පයක්නේ. මම කිව්වේ මේ සංකල්පය අපිට ඇති මුළු රටක් ස්වයංපෝෂිත කරන්න පොල් වලින්. අපි කියනවා ඔක්කොටම කතරගම යන මිනිස්සුන්ට ප්‍රාණෙට ප්‍රාණයක් ඔප්පු කරන්න ඒ කියන්නේ පොල් ගහක් ගෙනල්ලා දෙන්න. එතකොට ඒ කියන පොල් ගහ එතනම ඔෆිස් එකක් හදලා ඒක අපි එතනින් බෙදනවා .කතරගම දෙයි හාමුදුරුවන්ගේ බලයෙන් මුළු රටේම පොල් හිටවන්න පුළුවන්. ඒක ප්‍රාතිහාර්යයක් .
තවත් මට ඕන උනා පෙන්නන්න අපේ ඉතිහාසය. පණ්ඩුකාභය රජ්ජුරුවෝ රට එක්සේසත් කළා. රටේ මහා කෘෂිකාර්මික විප්ලවයක් ඇති කළා. වැව් අමුණු හැදුවා. පණ්ඩුකාභය ජීවතුන් අතර ඉන්න කාලයේ යකුන් දෙදෙනෙකුට දේවාලයක් හැදුවා. චිත්‍රරාජයි, කාලවේලයි. අවුරුදු 2420 කට අපිට චිත්‍රරාජයි කාලවේලයි අමතක වෙන්නේ නෑ. මං ඒ දෙන්නම ආයෙ ප්‍රතිනිර්මාණය කරනවා. ඒ අපේ ලේ .
ඊට අමතරව මම උතුරු ඉන්දියාව, දකුණු ඉන්දියාව, ලංකාවේ සියලුම දේවාල පිළිබඳව ස්කන්ධ පුරාණය, මේ පොත් ඔක්කොම කියෙව්වා. මේවා ඔක්කොම අධ්‍යනය කරලා කඳ කුමරුගේ ස්වරූපය ඔක්කොම හොයාගත්තා. කඳ කුමරුගේ සියලුම ස්වරූප, අවතාර මේක ඇතුළේ අපි නිර්මාණය කරලා තියෙනවා. ඇත්තටම කතරගම දෙවියෝ ගැන රිසර්ච් එකක් කරනව නම් කොහෙවත් යන්න ඕන නෑ. මෙතනට ආවම ඔක්කොම බලාගන්න පුළුවන් .”
දැන් කට්ටිය කතරගම දෙවියො වඳින්න කතරගම නොයා උමන්දාවටම යයි ද දන්නෙ නෑ.
මේ හැමදේම තම තම නැණ පමණින් තීරණය කළ යුතු දේවල්. මොකද අර කතාවක් තියෙනවා නෙ දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියලා.
- වයලට් ප්‍රියදර්ශනී විතානගේ