මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් පිටිදූවේ සිරිධම්ම (සමන්‍තභද්‍ර) හිමියන් සම්බන්ධයෙන් මල්වතු මහානාහිමියන්ට කළ පැමිණිල්ල එම සංඝ සභාවේ විශේෂ අවධානයට ලක්ව තිබෙනවා.
මීට පෙර බුදුදහමට එරෙහි ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පිටිදූවේ සිරිධම්ම හිමියන් මල්වතු මහා විහාරයට කැඳවා අවවාද කර ඇති බැවින් මෙවර එල්ල වී ඇති චෝදනා ගැන පරීක්ෂණයක් කර ඒවා ඔප්පු වුවහොත් සිරිධම්ම හිමියන් ගැන දැඩි තීන්දුවක් ගැනීමට මල්වතු මහානාහිමියන් සූදානමින් සිටින බව එම විහාර ආරංචිමාර්ග පවසනවා.
අන්‍ය නිකායික හිමිවරුන්ගේ හා බෞද්ධයන්ගේද සිත් රිදවමින් ප්‍රකාශ නිකුත් කිරීම මෙන්ම ශාසනික හා ආගමික වශයෙන් කරන හානිය ගැනද විමර්ශනයක් කර එම හිමියන් මල්වතු පාර්ශ්වයෙන් නෙරපන ලෙස පහතරට සඟ පෙරමුණේ මහ ලේකම් මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි ඇතුළු හිමිවරුන් පසුගියදා මල්වතු මහානාහිමිට පැමිණිල්ලක් කරමින් ඉල්ලා ඇති බවත් තමන් වහන්සේගේ ප්‍රකාශ විකෘති කර යූ ටියුබ් නාළිකාවල පළකර ඇතැයි පවසමින් මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිලි කර තිබෙන බවත් දැනගැනීමට ලැබෙනවා.